නාමල් අද අනුරාධපුර බන්ධනාගාරයට

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ සිරකරුවන් 11 දෙනෙකු විසින් තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිරකරුවන් හමුවී ගැටලු සාකච්ඡා කිරීම සඳහා සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බවටයි වාර්තා වන්නේ. බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම සිරකරුවන් වෙත තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි.

ලොහාන් රත්වත්තේ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පෙරාතුව මෙම හමුව සංවිධානය කර තිබූ බවද වාර්තාවෙයි.