වැඩි ගානට සේල්වෙන බෲස් ලී

ලෝක පූජිත කියන මට්ටමට ලංවෙන්න කිසි කෙනෙක්ට ලේසියෙන් හැකියාවක් ලැබෙන්නේ නෑ. මොකද ඒ සඳහා ලංවෙන්න නම්, එහෙමත් නැත්නම් මිනිසුන් ඒ ගැන කතා වෙන්න නම් කවුරු හෝ කෙනෙක් ඒ ක්ෂේත්‍රයෙන් අසීමාන්තික දක්ෂතා දක්වා තියෙන්න ඕන. දක්ෂතා දක්වන ක්ෂේත්‍රය මොකක් උනත් ඒ ක්ෂේත්‍රය තුළ ඔහු හෝ ඇය කාලාන්තරයක් පුරාවටම මතකයේ රැඳෙන දේවල් ලෝකෙ ඉන්න ජනතාව වෙනුවෙන් පෙන්නුම් කරලා තියෙන්නත් ඕන.


වර්තමානය දිහා බැලුවම අපිට උනත් පේන්න තියෙන දෙයක් තමයි බොහොමයක් දෙනා කතා කරන්නේ වර්තමානය තුළ ජීවත් වන අයට වඩා වෙලා මීට කාලයකට ඉස්සර දක්ෂතා දක්වපු අය සම්බන්ධයෙනුයි. නොයෙක් අංශයනගෙන් විවිධ හැකියාවන් පෙන්නුම් කළ චරිත ගොඩක් තවමත් අපි අතර ජීවමානව ඉන්නවා. නමුත් අපේ හිත් ඇතුලෙ ඒ චරිත ජීවමාන වෙලා හිටියත් මේ අතරින් ගොඩක් අය මේ වෙනකොට ජීවතුන් අතර නෑ.

Leejun fun….

මේ දේවල් කොහොම උනත් ඔය හැම දෙනාටම වඩා ලොකු කුඩා භේදයක් නැතුව කාගෙත් කතා බහට ලක්වන චරිතයක් තමයි Leejun fun කියන්නේ. මෙහෙම කිව්ව නම් අවුල් වගේ නේද? මොකද මේ වගේ නමක් කවුරුත් අහලා නැති නිසා. මේ නම හිමි පුද්ගලයා නම් කවුරුත් දන්නවා. හැබැයි මේ නම chinese නමක්. ඒත් මේ නමේ අයිතිකාරයාව වෙනත් විදිහකට කිව්වොත් කවුරුත් දන්නෙ බෲස් ලී කියලා. මෙහෙම කිව්වා නම් කාටත් වෙනම විදියකට ඔහුව දැනෙනවා. ලී කරපු වැඩ ගැන සිදුවීම් නම් අනන්තයි අප්‍රමානයි. ඔහු ඉපදුනේ 1940 නොවැම්බර් 27 ඉරිදා san francisco චයිනා ටවුන්වල.

ලීගෙ තාත්තා චිත්‍රපට නළුවෙක් ඔහු තමයි Lee Hoi- Chuen කියන්නේ. ලී අවුරුදු 18 වෙනකොට ඇමරිකාවට ආවේ තමන්ගේ උසස් අධ්‍යාපනයට මුල්තැන දීලා ඒ කටයුතු කරගෙන යන්න. කොහොමවුනත් ඒ වෙන කොටත් ඔහු තමන්ගේ ආත්මාරක්ෂක සටන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කරලයි තිබුනෙ.
ඇමරිකාවට එනකොට ලී අතේ තිබිල තියෙන මුදල ඇමරිකන් ඩොලර් 100ක් විදිහටයි සඳහන් වෙන්නේ. ඒත් තමන්ගේ ආර්ථික ශක්තිමත් භාවය ගැන හිතපු නිසා ම ඔහු restaurant එකක වේටර් වරයෙක් විදියට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පටන් ගත්තා.

තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලින් පස්සෙත් 1961 දී oil from වල විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ අරමුණින්. මේ කාලය තුළදී විශ්ව විද්‍යාලයේ හමුවුනු මිතුරියක් වුණු Linda Emercy සමඟ 1964 දී විවාහ වුණු ලී Brandon Lee, Shannon Lee දරුවන් දෙදෙනාට දයාබර පියෙක් වුණා.

බෲස් ලීගේ සටන් පාසල…


මේ දේවල් වෙන්න ඉස්සෙල්ල ඒ කියන්නේ 1959දී බෲස් ලී තමන්ගේ පළමුවැනි සටන් පාසල විදිහට Lee Gung Fu Institute එක ආරම්භ කළා. 1964 වසර වෙනකොට ඕක්ලන්ඩ් වල Jun Fan Martial Art Studio එකත් ආරම්භ කරන්න ඔහු සමත් වුණා. නළුවෙක් විදියට ඔහු තමන්ගේ පුරුදු දක්ෂතාවලට පෙර ඉඳලා සාමාන්‍ය විදිහට චිත්‍රපට ක්ෂේත්‍රයට පය ගහලා තිබ්බා. ඒ වයස අවුරුදු 18 ටත් ඉස්සර වෙලා ඉඳලා. කොහොම වුණත් ලී තමන්ගේ දක්ෂතාවන් එක්කම ඉදිරිපත් කරපු චිත්‍රපට කීපයක්ම තියෙනව

  • the big boss (1971)
  • first of funny (1972)
  • way of the dragon (1972)
  • the game of death (1973)
  • enter the dragon (1973)

ඉතින් ඔය වගේ චිත්‍රපට කිහිපයක්ම කරපු ලී 1973 ජූලි 20 වෙනිදා ජීවිතයට සමුදීලා සැඟවිලාම යන්න ගියේ Lake View සුසානයේදී . කාලාන්තරයක් යනතුරු ලීගේ හදිසි මරණය අභිරහසක් වෙලා තිබුණත් තමන්ගේ ශරීරයේ තිබුණු මස්පිඩු ලිහිල් වීමේ ආබාධයට ගන්නා වේදනා නාශක වල අසාත්මිකතාවයක් හේතුවෙන් මරණය සිදුවූවා යැයි කියන දේවල් පවා ප්‍රචාරය වුණා.

නමුත් සියලු දේ වල අවසානය තමයි ලීගේ මරණය අභිරහසක්ය කියන එක. කොහොම වුණත් ලෝක ප්‍රසිද්ධ මිනිසුන්ගේ ජීවිත ගැන විවිධ විස්තර තවමත් කතා වෙනවා වගේම තමයි ඒ අයගේ බඩු භාණ්ඩ පවා මේ වෙනකොට ලෝකේ ප්‍රසිද්ධියේ වෙන්දේසි වෙනවා. මීට වසර කිහිපයකට පෙර 2013 වසරේදී බෘස් ලී මිය ගිහින් අවුරුදු හතළිහක් සැමරීමේ උත්සවයක් හොංකොංවල පැවත්වුවා.

එහිදී game of death චිත්‍රපටයේ ලීගේ කහ පැහැති jumpsuit එක හොංකොං ඩොලර් 7,80,000කට වෙන්දේසි කරන්න වෙන්දේසි කරුවන් සමත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දේවල් සමග nunchaku, චිත්‍රපට සම්බන්ධ කරගත් සටන් ආයුධ හා වෙනත් දේවල් පවා ඔවුන් වෙන්දේසි කරන්න සමත් වුනා. මුලින්ම සඳහන් කළා වගේ ඇමරිකන් ඩොලර් 100ක් අතේ තියාගෙන ඇමරිකාවට ආපු බෲස් ලී ගේ අන්තිම චිත්‍රපටයට ඇඳපු ඇඳුම වෙන්දේසි උනේ ඇමරිකන් ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මිලකට.

ඉතින් හිතාගන්න පුළුවන් නේද බෘස්ලී කියන පුද්ගලයාගේ වටිනාකම කොහොමද කියලා. ඒත් මිනිස්සුන්ට බෲස් ලීගෙ වැඩි වටිනාකමක් දැනෙන්න පටන් ගත්තේ ඔහු මියගියාට පස්සේ වුණත් ඔහු තමා ගැන ම සඳහන් කරපු සටහනෙන් බෲස් ලී කියන පුද්ගලයා කොයිතරම් වටිනවා ද කියල ලෝකෙටම ඔහු විසින්ම අවබෝධ කරලා තියෙනවා

” I’m Bruce Lee, will be the first highest-paid oriental superstar in the united states “

Bruce Lee (1969)

හේතු සමීර