ව්‍යාපාර සහ පුද්ගලයන්ට දුන් ණය සහනය දීර්ඝ කෙරේ

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.

COVID-19 වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි එහි සඳහන් වන්නේ.

තවද, COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන මෙම නවතම චක්‍රලේඛය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව සඳහන් කර සිටියි.