
අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද, කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා පවත්වාගෙන යෑමට බාධාවක් ඇති නොවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.