
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට් අග්‍රාමාත්‍ය ‘ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා’ අතර හමුවක් නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදුව තිබෙනවා. දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපල එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙම හමුවේ දී සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ද එහි දී ඉල්ලීමක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.