
“මරියා අල් කසාස්” එහෙම කිව්වට වැඩිය කවුරුත් දන්නෙ නැතිවුණාට ඉරාජ් ගේ මනමාලී ගීතයේ හිටපු සුරූපී හුරුබුහුටි නිරූපිකාවනම් කාටත් මතක ඇති. රටක තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත්ත මාරියා තරුණියන් අතරත් කතා බහට ලක්වුණේ ඇගේ හැඩකාර ඉඟ සුඟ සහිත සිරුර නිසා. වෙළෙඳ දැන්වීම් රැසක නිරූපණ ශිල්පිනියක් විදියට හිටපු මාරියා 2012 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා. 2015දී මිස් ටුවරිසම් කිරුළ දිනුවෙත් ඇය.
රුසියාවේ උපන් මරියාගේ මව ශ්‍රී ලාංකික කාන්තවක්. පියා අරාබි ජාතිකයෙක්.ඒ නිසාම ඇයට උපතින්ම විදෙස් පෙනුමක් හිමියි.
කාලයකින් ක්ශේත්‍රයේ පේන්න නැති මරියා දැන් සැමියා එක්ක ඇමරිකාවේ ජීවත්වන බව ආරංචියි.කෙසේවෙතත් ශ්‍රී ලාංකික රසිකයන්ගේ හිත් මත මරියාගේ රුව කාලයක් පවතීවි. ඒ තරමටම ඈ අලංකාර ලලනාවක්.