මැණිකේ තවම දුවයි

පුද්ගල රසාස්වාදය අනුව ගායන ශෛලීන් බෙදී යෑම සාමාන්‍ය සිදුවීමක් බව සැබෑය. එහෙත් මෙරට බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම උගත්, බුද්ධිමතුන් ද එවැනි ගායන ශෛලීන් නිරන්තරයෙන් විවේචනය කිරිම සහ ප්‍රතික්ෂේප කිරීම ගායන ක්ෂේත්‍රයේ නව මං සොයා යන ශ්‍රී ලාංකික නව පරපුරේ ගායක ගායිකාවන්ට අන්තර්ජාතික මට්ටමට ළඟා වීම අභියෝගයකට ලක් කිරීමකි. අනිත් අතට අධෛර්යයට පත් කිරීමකි.

මැණිකේ’ තවම නවතින පාටක් නම් පෙනෙන්නට නැත. මුල් ගීතයේ ආවරණයක් ලෙස (cover song) මීට මාස කිහිපයකට පෙර යොහානි ද සිල්වා විසින් යූටියුබ් වෙබ් අඩවියට මුදා හරිනු ලැබූ මැණිකේ මගේ හිතේ ගීතය ලොව පුරා පැතිරී ගියේ කොරෝනා වයිරසයටත් වැඩි වේගයකිනි. මෙහි මුල් ගීතය සතීශන් රත්නායකගේය. එය ‘කවර් වර්ෂන්‘ මුහුණුවරකට පෙරළීමෙන් පසු ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව ලෝකය පුරා රටවල් රැසක තරුණ, මහලු හා බාල පරම්පරාව අතර දිනෙන් දින ජනප්‍රියත්වයේ ඉහළටම ඇදී ගියේ යොහානිටවත් හිතාගැනීමට බැරි ආකාරයෙනි.

එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයකුට ඕනෑම ක්ෂේත්‍රයකින් අන්තර්ජාතික වශයෙන් අත්කර දුන් ඉහළම ජනප්‍රියත්වය මෙයයි. ‘මැණිකේ මගේ හිතේ‘ ගීතය උන්මාදයක් බවට පත්වීමට ඉන්දීය සංගීතලෝලීන්ගේ ආකර්ෂණය විශාල බලපෑමක් ඇති කළ බව අවිවාදිතය. සිනමාවටත්, සංගීතයටත් ඇලී ගැලී සිටින කෝටි 130ක ජනගහනයක් ඇති ඉන්දියාව වැනි රටක් වශී කරගැනීම නම් ස්විප් එකක් ඇදුණා වගේය. 

ඊට වාසනා ගුණයකුත් තිබිය යුතුය. ‘මැණිකේ’ ට මෙන්ම යොහානිටත් ඒ වාසනාව අඩුවැඩි නැතිව පිහිටා තිබිණි. අනිත් අතට පිරිමි ගීතයක කාන්තා මුහුණුවරක් (female version) මෙතරම් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමේ සිදුවීමක් ලෝක සංගීත ක්ෂේත්‍රය තුළ මෑත ඉතිහාසයේ වාර්තා වී නැත. ඊයේ පෙරේදා පළමු වරට යොහානිට සංගීත ප්‍රසංග ද්විත්වයක් පැවැත්විමට ඉන්දියාවේ සංචාරය කිරීමේ අවස්ථාව උදා වූයේ ඒ ජනප්‍රියත්වය නිසාය.

අපූරු තාලයත්, නැළවිලි ගීයක ලාලිත්‍යයෙන් යුතු යොහානිටම ආවේණික මන බඳින හඬත් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයෙන් වශී කරගෙන ඇත්තේ කෝටි සංඛ්‍යාත ඉන්දීය සංගීතලෝලීන් පමණක් නොවේ. එය ඉන්දියාවෙන් ඔබ්බට ගොස් දකුණු ආසියාවත්, ඉන් නොනැවැතී යුරෝපයත්, අනතුරුව අමෙරිකාවත් පුරා පැතිරී ගියේ 2004 වසරේදී ඉන්දුනීසියාවෙන් ආරම්භ වී දකුණු ආසියාවේ මුහුදු බඩ පළාත් සියල්ල ජලයෙන් යට කළ සුනාමියටත් වඩා වේගයකිනි.

මෑත කාලයේ ලොව පුරා හමා ගිය උන්මාදනීය ගීත අතර මීට පෙර වැඩිපුර කතාබහට ලක්වූයේ බටහිර ඉන්දීය දූපතක් වන පුවර්ටෝ රිකෝ සම්භවයක් සහිත ලුයිස් ෆොන්සිගේ Despacito ගීතය සහ දකුණු කොරියාවේ පොප් ගී තරුව සයි විසින් ගයනු ලැබූ Gangnam Style ගීතය පමණි. මේ ගීත දෙකම ලොව ප්‍රමුඛතම ගීත දර්ශක රැසක පළමු ස්ථානය අත්කර ගත් අතර, දැන් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයත් ඒ ආසන්නටම පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අන්තර්ජාතික තලයට යෑමට cover song වලටත් වැඩි දෙයක් කළ හැකි බවට කදිම නිදසුනක් සපයමිනි.

සැබැවින්ම cover song යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ වැඩි ප්‍රසාදයකට ලක් වූ ගායන ශෛලියක් නොවන බව ප්‍රකට කරුණකි. මුල් ගායනයේ ආවරණ ගීත මෙන්ම රැප්, හිපොප් ඇතුළු විවිධ ගායන ශෛලීන් බටහිර ලෝකයේ සංගීතලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පාත්‍ර වූවත්, ශ්‍රී ලංකාවේ මෙවැනි ගායන ශෛලීන් සඳහා වැඩි ජනප්‍රියත්වයක් ලැබී නැත. අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු වීම හේතුවෙන් නිරන්තරයෙන්ම විශ්ව ගවේෂණයේ නිරතවන මෙරට තරුණ පරපුර අතර මෙවැනි ගායන ශෛලීන් යම් ප්‍රමාණයකින් ජනප්‍රිය වූවත් සුභාවිත ගීත රසාස්වාදයට නැඹුරු වූ ශ්‍රී ලාංකිකයන්ට නම් ඒවා වහ කදුරු මෙනි.

පුද්ගල රසාස්වාදය අනුව ගායන ශෛලීන් බෙදී යෑම සාමාන්‍ය සිදුවීමක් බව සැබෑය. එහෙත් මෙරට බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම උගත්, බුද්ධිමතුන් ද එවැනි ගායන ශෛලීන් නිරන්තරයෙන් විවේචනය කිරිම සහ ප්‍රතික්ෂේප කිරීම ගායන ක්ෂේත්‍රයේ නව මං සොයා යන ශ්‍රී ලාංකික නව පරපුරේ ගායක ගායිකාවන්ට අන්තර්ජාතික මට්ටමට ළඟාවීම අභියෝගයකට ලක් කිරීමකි. අනිත් අතට අධෛර්යයට පත් කිරීමකි.

මැණිකේ’ තවම නවතින පාටක් නම් පෙනෙන්නට නැත. මුල් ගීතයේ ආවරණයක් ලෙස (cover song) මීට මාස කිහිපයකට පෙර යොහානි ද සිල්වා විසින් යූටියුබ් වෙබ් අඩවියට මුදා හරිනු ලැබූ මැණිකේ මගේ හිතේ ගීතය ලොව පුරා පැතිරී ගියේ කොරෝනා වයිරසයටත් වැඩි වේගයකිනි. මෙහි මුල් ගීතය සතීශන් රත්නායකගේය. එය ‘කවර් වර්ෂන්‘ මුහුණුවරකට පෙරළීමෙන් පසු ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව ලෝකය පුරා රටවල් රැසක තරුණ, මහලු හා බාල පරම්පරාව අතර දිනෙන් දින ජනප්‍රියත්වයේ ඉහළටම ඇදී ගියේ යොහානිටවත් හිතාගැනීමට බැරි ආකාරයෙනි.

එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකිකයකුට ඕනෑම ක්ෂේත්‍රයකින් අන්තර්ජාතික වශයෙන් අත්කර දුන් ඉහළම ජනප්‍රියත්වය මෙයයි.

‘මැණිකේ මගේ හිතේ‘ ගීතය උන්මාදයක් බවට පත්වීමට ඉන්දීය සංගීතලෝලීන්ගේ ආකර්ෂණය විශාල බලපෑමක් ඇති කළ බව අවිවාදිතය. සිනමාවටත්, සංගීතයටත් ඇලී ගැලී සිටින කෝටි 130ක ජනගහනයක් ඇති ඉන්දියාව වැනි රටක් වශී කරගැනීම නම් ස්විප් එකක් ඇදුණා වගේය. ඊට වාසනා ගුණයකුත් තිබිය යුතුය. ‘මැණිකේ’ ට මෙන්ම යොහානිටත් ඒ වාසනාව අඩුවැඩි නැතිව පිහිටා තිබිණි.

අනිත් අතට පිරිමි ගීතයක කාන්තා මුහුණුවරක් (female version) මෙතරම් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමේ සිදුවීමක් ලෝක සංගීත ක්ෂේත්‍රය තුළ මෑත ඉතිහාසයේ වාර්තා වී නැත. ඊයේ පෙරේදා පළමු වරට යොහානිට සංගීත ප්‍රසංග ද්විත්වයක් පැවැත්විමට ඉන්දියාවේ සංචාරය කිරීමේ අවස්ථාව උදා වූයේ ඒ ජනප්‍රියත්වය නිසාය.

අපූරු තාලයත්, නැළවිලි ගීයක ලාලිත්‍යයෙන් යුතු යොහානිටම ආවේණික මන බඳින හඬත් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයෙන් වශී කරගෙන ඇත්තේ කෝටි සංඛ්‍යාත ඉන්දීය සංගීතලෝලීන් පමණක් නොවේ.

එය ඉන්දියාවෙන් ඔබ්බට ගොස් දකුණු ආසියාවත්, ඉන් නොනැවැතී යුරෝපයත්, අනතුරුව අමෙරිකාවත් පුරා පැතිරී ගියේ 2004 වසරේදී ඉන්දුනීසියාවෙන් ආරම්භ වී දකුණු ආසියාවේ මුහුදු බඩ පළාත් සියල්ල ජලයෙන් යට කළ සුනාමියටත් වඩා වේගයකිනි.

මෑත කාලයේ ලොව පුරා හමා ගිය උන්මාදනීය ගීත අතර මීට පෙර වැඩිපුර කතාබහට ලක්වූයේ බටහිර ඉන්දීය දූපතක් වන පුවර්ටෝ රිකෝ සම්භවයක් සහිත ලුයිස් ෆොන්සිගේ Despacito ගීතය සහ දකුණු කොරියාවේ පොප් ගී තරුව සයි විසින් ගයනු ලැබූ Gangnam Style ගීතය පමණි. මේ ගීත දෙකම ලොව ප්‍රමුඛතම ගීත දර්ශක රැසක පළමු ස්ථානය අත්කර ගත් අතර, දැන් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයත් ඒ ආසන්නටම පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අන්තර්ජාතික තලයට යෑමට cover song වලටත් වැඩි දෙයක් කළ හැකි බවට කදිම නිදසුනක් සපයමිනි.

සැබැවින්ම cover song යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ වැඩි ප්‍රසාදයකට ලක් වූ ගායන ශෛලියක් නොවන බව ප්‍රකට කරුණකි. මුල් ගායනයේ ආවරණ ගීත මෙන්ම රැප්, හිපොප් ඇතුළු විවිධ ගායන ශෛලීන් බටහිර ලෝකයේ සංගීතලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පාත්‍ර වූවත්, ශ්‍රී ලංකාවේ මෙවැනි ගායන ශෛලීන් සඳහා වැඩි ජනප්‍රියත්වයක් ලැබී නැත. අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු වීම හේතුවෙන් නිරන්තරයෙන්ම විශ්ව ගවේෂණයේ නිරතවන මෙරට තරුණ පරපුර අතර මෙවැනි ගායන ශෛලීන් යම් ප්‍රමාණයකින් ජනප්‍රිය වූවත් සුභාවිත ගීත රසාස්වාදයට නැඹුරු වූ ශ්‍රී ලාංකිකයන්ට නම් ඒවා වහ කදුරු මෙනි.

මෑත කාලයේ ලොව පුරා හමා ගිය උන්මාදනීය ගීත අතර මීට පෙර වැඩිපුර කතාබහට ලක්වූයේ බටහිර ඉන්දීය දූපතක් වන පුවර්ටෝ රිකෝ සම්භවයක් සහිත ලුයිස් ෆොන්සිගේ Despacito ගීතය සහ දකුණු කොරියාවේ පොප් ගී තරුව සයි විසින් ගයනු ලැබූ Gangnam Style ගීතය පමණි. මේ ගීත දෙකම ලොව ප්‍රමුඛතම ගීත දර්ශක රැසක පළමු ස්ථානය අත්කර ගත් අතර, දැන් ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයත් ඒ ආසන්නටම පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අන්තර්ජාතික තලයට යෑමට cover song වලටත් වැඩි දෙයක් කළ හැකි බවට කදිම නිදසුනක් සපයමිනි.

සැබැවින්ම cover song යනු මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ වැඩි ප්‍රසාදයකට ලක් වූ ගායන ශෛලියක් නොවන බව ප්‍රකට කරුණකි. මුල් ගායනයේ ආවරණ ගීත මෙන්ම රැප්, හිපොප් ඇතුළු විවිධ ගායන ශෛලීන් බටහිර ලෝකයේ සංගීතලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට පාත්‍ර වූවත්, ශ්‍රී ලංකාවේ මෙවැනි ගායන ශෛලීන් සඳහා වැඩි ජනප්‍රියත්වයක් ලැබී නැත. අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු වීම හේතුවෙන් නිරන්තරයෙන්ම විශ්ව ගවේෂණයේ නිරතවන මෙරට තරුණ පරපුර අතර මෙවැනි ගායන ශෛලීන් යම් ප්‍රමාණයකින් ජනප්‍රිය වූවත් සුභාවිත ගීත රසාස්වාදයට නැඹුරු වූ ශ්‍රී ලාංකිකයන්ට නම් ඒවා වහ කදුරු මෙනි.

පුද්ගල රසාස්වාදය අනුව ගායන ශෛලීන් බෙදී යෑම සාමාන්‍ය සිදුවීමක් බව සැබෑය. එහෙත් මෙරට බොහෝ ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම උගත්, බුද්ධිමතුන් ද එවැනි ගායන ශෛලීන් නිරන්තරයෙන් විවේචනය කිරිම සහ ප්‍රතික්ෂේප කිරීම ගායන ක්ෂේත්‍රයේ නව මං සොයා යන ශ්‍රී ලාංකික නව පරපුරේ ගායක ගායිකාවන්ට අන්තර්ජාතික මට්ටමට ළඟාවීම අභියෝගයකට ලක් කිරීමකි. අනිත් අතට අධෛර්යයට පත් කිරීමකි.

ඒවා මැඩ පවත්වා ඉදිරියට යන අයත් වෙති. භාතිය -සංතුෂ් යනු එවැනි විවේචන ගණනකට නොගෙන අභියෝග ජයගැනීමට පෙරමුණ ගනු ලැබූ ගායක දෙපොළකි. අද යොහානිට අන්තර්ජාතික කීර්තියක් අත්කර ගැනීමට අවස්ථාව උදා වූයේ මීට දශක දෙකකට පෙර භාතිය සංතූෂ් යුගලය ‘වසන්තයේ‘ ගීතය අන්තර්ජාතික තලයට රැගෙන යමින් ද, පසුකාලීනව ලෝක සංගීත ක්ෂේත්‍රයේ විවිධ ගායන ශෛලීන් මෙරට තරුණ පරපුර අතර ජනප්‍රිය කරමින් ද , තනා දුන් කදිම වේදිකාව මතින්ය. භාතිය සංතූෂ් ශ්‍රී ලාංකේය තරුණ ගායක ගායිකාවන්ට නව ගායන ශෛලීන් අත්හදා බැලීමට සහ අන්තර්ජාතික වශයෙන් ජනප්‍රියත්වයට පත් වීමට කදිම අභිප්‍රේරණයක් සපයා දුන් බව අවිවාදිතය. cover song ගායන ශෛලියෙන් නව මං සොයා යෑමේ ප්‍රවණතාවක් මෙරට යොවුන් ගායක ගායිකාවන් අතර වර්ධනය වූයේ ඉන් පසුවය. යොහානි ‘මැණිකේ මගේ හිතේ‘ ආවරණ ගීතයෙන් ලොවම ආකර්ශනය කරගැනීමට සමත් වූවත් ශ්‍රී ලංකාවේ cover song ගායන ශෛලියට ලොකු වේදිකාවක් තවමත් නැත.

ශ්‍රී ලංකාවේ තවමත් ඊට වැඩි ජනප්‍රියත්වයක් නොලැබුණත් ආවරණ ගීත ශෛලියට ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඇත්තේ දශක 7කට වැඩි ඉතිහාසයකි. 50 දශකයේ දී එවකට තැටි පටිගත කිරීමේ සමාගම් සිය ගීත සඳහා වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගැනීමේ අරමුණින් මුල් ගීත යළිත් ප්‍රති නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් ලොව පුරා ව්‍යාප්ත වූ cover song ගායන ශෛලිය පසුකාලීනව ලොව පුරා පැරැණි බටහිර ගීත යළි යළිත් ජීවමාන වූ බව ප්‍රකට කරුණකි. විශේෂයෙන් 1909 දී අමෙරිකාවේ ප්‍රකාශන හිමිකම් පනත හඳුන්වා දීමෙන් පසු ඊට කදිම ප්‍රවේශයක් ලැබී තිබිණි. එම පනත මගින් මුල් ගීතයේ අනුවාදයක් (සංගීතය හෝ පද රචනය) වෙනත් ගායකයකුගේ හෝ ගායිකාවකගේ හඬින් පටි ගත කිරිමේ අවසරය ලැබී තිබිණි. එහිදී ගීතයේ හිමිකාරීත්වයට කර්තෘ භාග ගෙවීමක් සිදු වුයේ ගීතයේ අයිතිය ඇති පටිගත කිරීමේ සමාගමටය. මුල් ගායක ගායිකාවන්ට කිසිදු ගෙවීමක් සිදු නොවිණි. එමෙන්ම කිසිදු අසාධාරණයක් සිදු නොවන අයුරින් මුල් ගායනය ද එම පනත මගින් නිරතුරුවම සුරක්ෂිත කර තිබිණි.

අතීතයේ බටහිර ගීත ක්ෂේත්‍රයේ බිහිවූ බොහෝ ගීතවල cover song මුල් ගායනයට වඩා ජනප්‍රිය වූ අතර, එම තත්ත්වය වර්තමානයේදී ද ඒ අයුරින්ම දකින්නට ලැබේ. එමෙන්ම මුල් ගායනයට වඩා බටහිර තරුණ පරපුර අතර අසීමිත ජනප්‍රියත්වයක් අත්කර ගැනීම හේතුවෙන් එම ගීත මුල් ගායනයට වැඩි වටිනාකමක් එක් කරලීමට සමත් වූයේ ආවරණය ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් සංගීතලෝලීන් එහි මුල් ගායනය සොයා යෑම නිසාවෙනි. දශක ගණනාවක් පැරැණි මුල් ගායනය යළි යළිත් ජීවමාන කිරිමට cover song ශෛලිය කොතරම් බලපෑමක් එල්ල කරන්නේදැයි යන්න ඉන් පැහැදිලිය. බටහිර ගීත ලොවේ යුව රජු ලෙස සැලකෙන එල්විස් ප්‍රෙස්ලිගේ පවා ගීත අතිවිශාල සංඛ්‍යාවක් අද වනවිට cover song වශයෙන් යළි යළිත් බිහිවෙමින් පවතින්නේ ඒ අයුරිනි.

එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. මුල් ගායනයේ අයිතිය සංගීතය, පද රචනය හා ගායනය වශයෙන් කර්තෘ භාග ත්‍රිත්වයකට බෙදී යෑම හේතුවෙන් විවිධ අර්බුද පැණ නැගුණ අවස්ථාවන් ද ඉතිහාසය පුරා තිබිණි. පසුගියදා අප අතරින් වියෝ වූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අනුගමනය කරනු ලැබුවේ බටහිර ප්‍රතිපත්තියයි. සිය මුල් ගීත රැසක් ඔහු විසින් විවිධ අවස්ථාවලදී සිය හිමිකාරීත්වයට සාධාරණය ඉටු වන ආකාරයෙන් නව පරපුරේ ගායක ගායිකාවන්ට cover song කිරීමට අවසරය ලබා දුන්නේය. එවැනි විවෘත මනසක් සහිතව මුල් ගායනයට වඩා යම්කිසි වෙනසක් සිදු කරමින් සිය ගීත සඳහා cover song කිරීමට වෙනත් ගායක ගායිකාවන්ට අවස්ථාව උදාකර දෙන සංගීත ශිල්පීන් මෙරට සිටින්නේ අතලොස්සකි. අවසරයකින් තොරව අනුන්ගේ ගීත cover song කිරීම නිසා මුල් ගායකයාගේ හෝ ගායිකාවගේ උදහසට ලක් වී නඩු වැටී වන්දි ගෙවීමට සිදු වූ නව පරපුරේ ගායක ගායිකාවන් ද සිටිති. මුල් ගීතයට කොතරම් සාධාරණයක් ඉටු වූවද එවැනි අවස්ථාවන් පසුගිය කාලයේ අපමණ වාර්තා විය.

යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ‘ cover song ගීතයක් ලෙස එළි දැක්වූයේ මෙවැනි පසුබිමකදීය. එය පසුගිය වසරේ නිකුත් කළ මුල් ගීතයේ female version එකකි. එහි මුල් ගීතයේ ගායකයා සතීශන් රත්නායක ද නව පරපුරේ ගායන ශිල්පියෙකි. ඔහු විවෘත මනසක් සහිතව ලෝක සංගීත ක්ෂේත්‍රය තුළ සිදුවන විවිධ අත්හදා බැලීම් සම්බන්ධව දැනුමක් සහිත සංගීත ශිල්පියකු වන අතර, නිහතමානීව යොහානිට ආවරණය ගීතය සාර්ථක කර ගැනීමට විශාල දායකත්වයක් ද ලබා දුන්නේය.

සිය cover song ගීතය තුළින් යොහානි දැන් අපේ රටේ ගායක ගායිකාවන්ට විවෘත මනසකින් ලෝකය දැකීමට කදිම අවස්ථාවක් උදා කර දී ඇත. මුල් ගීතයට කිසිදු විකෘති වීමක් සිදු නොවන අයුරින් cover song version එකක් නිකුත් කිරීමට අවශ්‍ය වේදිකාව තනා දීමෙන් මෙරට සංගිත ශිල්පීන්ට අන්තර්ජාතික වශයෙන් ලැබෙන කීර්තියේ දිග පළල යොහානි පෙන්වා දී තිබේ.

යොහානිට පෙර මෙරට ගායන ශිල්පියකු ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේ 70 දශකයේදීය. සිලෝන් මනෝහරන් ලෙස ඉන්දියාවේ ප්‍රකට වූ ඒ.ඊ. මනෝහරන් එකල සිය සිංහල ගීත තුළින් තමිල් නාඩුව එහෙම පිටින්ම වසඟයට ගත්තේය ඔහු විසින් එකළ ගයනු ලැබූ ‘සුරංගනීට මාළු ගෙනාවා, චූඩ මාණිකේ වැනි ගීත ඉන්දියාව පුරා අසීමිත ජනප්‍රියත්වයක් හිමිකර ගත් අතර, සුරංගනී ගීතයට ද්‍රවිඩ පදවැල් මිශ්‍ර කරමින් 1977 වසරේ දකුණු ඉන්දියාවේ නිෂ්පාදිත ‘අවර් එනක්කේ සොන්දම්‘ චිත්‍රපටයට ද එක් කර තිබිණි.

මෑත කාලයේ ඉන්දියාවේ ජනතාව අතර යොහානි තරම් ජනප්‍රියත්වයක් ශ්‍රී ලාංකිකයකුට ලැබුණු අවස්ථාවක් ද මෙහි සටහන් කළ යුතුය. එවැනි අසිමිත ජනප්‍රියත්වයක් ඉන්දියාවේදී ලැබූ ශ්‍රී ලාංකිකයා අන් කිසිවකු හෝ නොව ක්‍රිකට් පිටියේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරියයි. 1996 ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ සනත් ජයසූරිය ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වීරයකු බවට පත්වී සිටියේය. පසුකාලීනව ඔහු ඉන්දියාවේ දේවත්වයෙන් සැලකූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුල්පෙළේ සිටි අතර, ඔහුගේ නමින් රතිඤ්ඤා ඇතුළු විවිධ ගිනිකෙළි නිෂ්පාදන රැසක් ද, අත් ඔරලෝසු ඇතුළු තවත් නිෂ්පාදන රැසක් ද වෙළෙඳපොළට පැමිණියේය. ඒවා උණුකැවුම් මෙන් අලෙවි වූ බව ප්‍රකට කරුණකි.

දැන් උදාවී ඇත්තේ යොහානිගේ අවස්ථාවය. අද හෙටම ඉන්දියාවේ ‘යොහානි සාරි, යොහානි ෂල්වාර්, යොහානි අත් ඔරලෝසු ඇතුළු විවිධ නිෂ්පාදන එළි දක්වනු ඇත. ඒවා ද උණු කැවුම් මෙන් අලෙවි වනු ඇත.

ෆවුස් මොහොමඩ්
උපුටාගැනීම - දිනමිණ පුවත්පත