මංගල සුවෙන් – කටකතා බොරු

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ ජාලවල හුවමාරුවන වාර්තා අසත්‍ය බවත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.හෙට දිනය වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කල හැකි වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.