මැච් එක දිනුවාම මහින්ද කී දේ

මහින්ද දේශප්‍රිය කියන්නේ හිටපු මැතිවරණය කොමසාරිස්වරයාට වඩා සමාජයම ආදරය කරන සුන්දර විනෝදබර සරල චරිතයක්. අද දිනයේ නිමාව දුටු ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම සමරා ඔහු තම ෆේස්බුක් පිටුවේ මෙසේ පළ කර තිබුණා.

ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය බොන්න
අපිත් එක්ක ක්‍රිකට් ගහල පුළුවන්ද දිනන්න

මෙම වදනට එතුමාගේ හිතවතුන් බොහෝ ප්‍රතිචාර දක්වා තිබුණා.ඊට ප්‍රතිචාර ලෙස එතුමා තම කමෙන්ටු තීරයේ මෙසේද ලියා තිබුණා.

කොච්චි කරල පොඩි වුණාට සැර අඩුවේද
අපේ කොල්ලො පොඩි වුණාට මෑච් පරදීද

වාද බයිලා තාලයට යන මේ කමෙන්‍ට් වැස්සේ තවත් කමෙන්ටුවක මෙසේ සඳහන් වුණා.

සිගරට් එක බීලා තමයි ගත්තේ ෆන් එක
එදා උන් ටික කරපු දෙයින් ගත්තේ කප් එක

කෙසේවෙතත් හැමෝම ආදරය කරන සාහිත රසකාමී මහින්ද දේශප්‍රිය නම් සරල මිනිසා මේ ජයග්‍රහණයේ සතුට සමාජය සමඟ උපරිමයෙන් වින්දේ ඒ විදියටයි.