
මැඩෝනා කිව්වම මීට කලකට ඉහත සිටිය තරුණ පරපුර පමණක් නොව වර්තමානයේ සිටින තරුණ පරපුර පවා හොඳින් දන්නවා. ඒ තරමට ඇය ඉතාමත් ජවසම්පන්න විදියට කාගේත් කතාබහට ලක්වන අයුරින් තමා වෙත අවධානය දිනාගැනීමට සමත්ව සිටියා. ඇයට දැන් වයස අවුරුදු 63ක්. මැඩෝනා තමන්ගේ හැට තුන් වෙනි උපන්දින උත්සවය සැමරුවේ ඉතාලියේදී. මෙහි විශේෂත්වය වන්නේ ඇය තමන්ගේ දරුවන් 6 දෙනා සමගම එකම ඡායාරූපයට පෙනී සිටීමයි. ඇය පවසන පරිදි එය කලාතුරකින් සිදුවන්නක් .එයට හේතුව තමයි දැන් ඇයගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ඇය ගෙන් වෙන්ව වාසය කිරීම. මැඩෝනාගේ 63 වැනි උපන් දින උත්සවයේ දී ඒ සඳහා සහභාගි වූ බොහෝ දෙනා වැඩි වශයෙන් කතා කළේ ඇයගේ Birthday Cake එක සහ ඇයගේ ඇඳුම් පැළඳුම්, කෙස් කළඹ, ගෙල රැඳි මාලය හා නොයෙකුත් විලාසිතාවන් ගැන. මෙහිදී ඇය පැළඳ සිටි මුතුමැණික් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා . වැඩි දෙනෙකුගේ අදහස් වලට අනුව උපන්දින සාදයේදී කතාබහට ලක් කෙරුණේ තවමත් ඇය ඇදහිය නොහැකි තරමේ සුරූපී බවකින් යුක්ත බවයි. ඔබත් බලන්න එදා Madonna අදත් එවැනි ම සුන්දර රූ සපුවකින් යුක්ත ද කියලා.