රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමන් අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමිනුයි.

ඒ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.