සතියක් රට වසා වැටුප් ගෙවීම ගැන තීරණයක්?

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සතියක කාලයක් රටම වසා දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය‍ රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග කියයි.

මේ මොහොතේ අසරණවන ජනතාව පිළිබඳ තීරණයක් ගැනීම පිළිබඳ එම කතාවේදී එතුමා සඳහන් කරනු ඇතැයි සැලවේ.

සෞඛ්‍ය අංශ පිළිබඳ විශේෂ අවධානයක් යොමුවන අතර විශේෂයෙන් ආර්ථිකය පවත්වාගෙන යාම, රැකියා අර්බුදය සහ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද සංශෝධන ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට විවිධ වාර්තා දැනටමත් සමාජ මාධ්‍යවල පළ වෙමින් තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද එවැනි යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කර තිබිණි.

මෙම කරුණුද ඇතුළත්ව මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ද ඇහුම්කම් දෙමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සතියක කාලයක් රට අගුළු දැමීම සම්බන්ධයෙන් රජයේ ඉහළ අවධානයක් යොමු වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියද පහතින් වේ.