නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 21 වන දා දක්වා දීර්ඝ කෙරේ

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.