ණය සහ ලීසිං වාරිකවලට හෙට සිට වෙනදේ

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට අපහසු වූවන්ට සහන සැලසීමට රජය ලබා දුන් තුන් මාසයක ණය සහන කාලය හෙටින් අවසන් වේ. මෙම තත්ත්වය සලකා බලා තවත් කලකට ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කොවිඩ් තුන්වැනි රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීමට ජුනි, ජුලි හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නැයි රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මඟපෙන්වීම් ලබා දී තිබුණි.

ඒ අනුව හෙටින් (31) එම සහන කාලය නිමාවීමට නියමිතව තිබේ. එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය සලකා බලා මේ සහන කාලය තව ටික කලකට දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.