චීනයෙන් ලංකාවට රුපියල් බිලියන 61.5 ක ණයක්

චීනය මෙරටට දස අවුරුදු ක්‍රමයට තවත් ණය මුදලක් ලබා දීමට එකග වී තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය මගින් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අදාල ගිවිසුමට අත්සන් තැබූ බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සදහා සහය වීමට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමක අනුව මෙම ණය මුදල ලබා දෙන බව වැඩි දුරටත් සදහන්.