
විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහය වීම උදෙසා බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 250ක ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50 ක් මේ සතියේ ලබා දීමට පියවර ගෙන ඇත.
බංග්ලාදේශයෙන් වෙනත් රටකට ලබා දෙන ප්‍රථම ණය මුදල මෙයයි.
බංග්ලාදේශ බැංකුව (බීබී) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (සීබීඑස්එල්) පසුගිය 3 වැනිදා අත්සන් කළ මුදල් හුවමාරු ගිවිසුමට අනුව මෙම ණය මුදල ලබා දෙයි.
මෙම ණය මුදල අදියර තුනකින් ලබා දෙන ලබන අතර මහ බැංකුවේ ණය මුදලේ පළමු වාරිකය මේ සතියේ ලබා දෙනු ඇත.