ඇෆ්ගනිස්ථාන තරුණියකගෙන් Angelina Jolie ට ලිපියක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය යටත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ තරුණියක් Angelina Jolie වෙත ලිපියක් යොමු කළාය. එය මූලික කරගනිමින් ඇය ඇෆ්ගනිස්ථාන තරුණියගෙන් ලැබුණු ලිපියේ පින්තූර පළ කිරීමෙන් පසු social media අනුගාමිකයින් මිලියන 1.8 කට අධික සංඛ්‍යාවක් එය නරඹා තිබිණි.

ඇෆ්ගනිස්තාන තරුණිය එම ලිපියේ සඳහන් කර තිබුණේ….

“අපි සියළු දෙනාටම අයිතිවාසිකම් තිබෙනවා, අපට නිදහසේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියි. නමුත් ඔවුන් (තලේබාන්) අපේ රටට පැමිණියාට පසු අපි සියලු දෙනාම ඔවුන්ට බියවුනා. අපේ සිහින නැති වුුුණා කියලා අපට දැන් හිතෙනවා ” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් Angelina Jolie පවසන්නේ ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීමෙන් පසුු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමේ හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව නැති වීමේ හැකියාවක් ඇතැයි යන බිය ඇයට ඇති බවයි.