කොවිඩ් මඩින්න කංසා නීතිගත කරන්න – තුසිත බාලසූරිය

ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන සිදු ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉල්ලා සිටියි.

එහි ලේකම් තුසිත බාලසුරිය මහතා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම ලිඛිතව කර තිබේ.

ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීම සඳහා කංසා භාවිත කරද්දි ආයුර්වේද මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීම මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන්නැයි ඔහු රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

එය මෙරට ජනතාවගේ සුවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගය මාරාන්තික තත්ත්වය වෙන නිවුමෝනියා තත්ත්වය පාලනය කිරීම සඳහා කංසා යොදාගත හැකි බවත් පර්යේෂණ ගණනාවක් මගින් තහවුරු කර ඇති බවද ලේකම්වරයා කියා සිටී.

කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යන අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානය කංද අන්තරාදායක මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පසුගිය වසරේ තීන්දුවක් ගත් බව ද ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා භාවිත කිරීමට බටහිර රටවල් පියවර ගන්නා ලද අතර ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නා අයට නොමිලේ කංසා සුරුට්ටු බෙදා දෙන ලද බව ද බාලසූරිය මහතා පෙන්වා දෙයි.

Scroll to Top