කුමාර් ධර්මසේනගේ අලුත්ම හෙයාස්ටයිල් එක

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත්.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේවනවිට කටයුතු සූදානම්.

මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රීඩක කුමාර් ධර්මසේන විනිසුරුවරයකු ලෙස කටයුතු කරනව. කොවිඩ් නිරෝධායන සහ සෞඛ්‍ය නීති යටතේ පැවැත්වෙන තරගයයේ සියලු විනිසුරුවරුන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මේවනවිට නවාතැන්ගෙන සිටිනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් කුමාර් ධර්මසේන නව කොණ්ඩා විලාසිතාවකින් සැරසෙන්නට සූදානම්වෙලා තිබෙනවා. ඒ බව ඔහු තම නිළ ෆේස් බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබුණා.

“ශ්‍රී ලංකා ද. අප්‍රිකා තරඟාවලිය වෙනුවෙන්ම සකසපු මගේ අලුත්ම hair style එක හොඳයි නේද? 😂 TV එකෙන් මැච් එක බලන්න ඔයාලත් ready වෙන්න.”

බලන්න ආදරණීය කුමාගේ අලුත්ම විලාසිතාව කොහොමද කියල.