ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව විහාරයේ දාගැබ නිදන් හොරු කඩා දමයි

ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ (31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

සිද්ධියට සම්බන්ධ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හතර දෙනෙකු පලා ගොස් ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කාවන්තිස්ස රජු දවස ඉදිකළ සිතුල්පව්ව පුදබිමට අයත් එක් කඳුගැටයක පිහිටි කුඩා සිතුල්පව්ව ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වන සුපතල පුදබිමකි.