විරාට් කෝලිට එක ලකුණකින් මගහැරුණු සුවිශේෂී වාර්තාව

ඉන්දු – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ පස් වන දිනයේ ඉන්දීය නායක විරාට් කෝලි නම් පිතිකරුවාට තරමක් සුවිශේෂී වන්නට ඉඩ තිබුණා. තුන් වන ටෙස්ට් තරගයේ සිව් වෙනි දිනය නිමා වන විට ඔහු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 45 ක්.

ජාත්‍යන්තර පිටියේ ලකුණු 23000 සීමාවට ලගා වීම සදහා ඔහුට තවත් අවශ්‍ය ලකුණු 11 ක් පමණයි. කෙසේ නමුත් ඔහුට පස් වැනි දිනයේදී ළකුනු 55 ක් ලබා සිටියදී ඔලි රොබින්සන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමට සිදුවුයේ ජාත්‍යන්තර පිටියේ ලකුණු 22999 ලබා සිටිය දීය.

අඩුම ඉනිම් සංඛ්‍යාවක් තුල මෙම සීමාවට ලගාවී ඇති පිතිකරුවා වන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩක Sachin Tendulkar. ඒ ඉනිම් 522 දී. කෙසේ වෙතත් Kohli තවමත් ක්‍රීඩා කොට ඇත්තේ ඉනිම 488 ක් පමණයි. ඒ අනුව එම වාර්තාවටත් වත්මන් ඉන්දීය නායකයා ලගදීම හිමිකම් කියනු ඇති.

ක්‍රිකට් ඉතිහාසය තුල මෙම කඩඉම පසුකල ක්‍රීඩකයින් කීප දෙනෙක් සිටිනවා. ඒ අතර ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන දෙදෙනාද ඇතුලත්.

සචින් තෙන්දුල්කාර්
රිකී පොන්ටින්
මහේල ජයවර්ධන
ජාක්ස් කලිස්
කුමාර් සංගක්කාර
රාහුල් ඩ්‍රාවිඩ්