කෙනඩි ඝාතනයේ සැකකරු වසර 53කට පසු එළියට

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරයා වූ රොබර්ට් එෆ්. කෙනඩි ඝාතනය පිළිබඳ වසර 53 ක් සිරගතව සිටින සිර්හාන් සිර්හාන් වෙත කොන්දේසි සහිත නිදහස (parole) ලබාදීමට රෙකමදාරු කර තිබේ.

1968 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් නියතවම ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝදෙනෙක් විශ්වාසය තැබූ රොබට් කෙනඩි, එම වසරේ ජූනි මාසයේ පස්වෙනිදා (05) ලොස් ඇන්ජලීස්හිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුණි.

ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා පැවැත්වුන මූලික ඡන්ද විමසීම් මාලාවේ ‘කැලිෆෝනියා’ නිලවරණයෙන් රොබට් කෙනඩි ජයගත් බව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන් ප්‍රීතිය පළ කරමින් සිටියදී එම වෙඩි තැබීම සිදු විය.

ලොස් ඇන්ජලීස්හි ‘ඇම්බසඩර්’ හෝටලයේ මුළුතැන්ගෙය තුළ දී කෙනඩිට වෙඩි පහර තුනක් එල්ල වූ අතර එම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට ‘සිර්හාන්’ එවෙලේම අත්අඩංගුවට ගනු ලැබුණි.