කාවින්ද්‍යා අධිකාරී අම්මා තාත්තා ගැන තැබූ සංවේදී සටහන

අතුල අධිකාරි කියන්නේ අපි හැමෝම දන්න සුන්දර මිනිසෙක් වගේම ප්‍රතිභාපූර්ණ යුගයක් සැනසූ ගායන ශිල්පියෙක්. අතුල අධිකාරි කියන නමත් එක්ක තවමත් කියවෙන නමක් තියෙනවනම් ඒ සමිතා මුදුන්කොටුව. අතුල සහ සමිතා විවාහ දිවියෙන් වෙන්වුවත් ඔවුන්ගේ යුගය අමතක කරන්නට රසිකයන්ට අමතක වූ බව නොරහසක්. අතුල අධිකාරි පසුගියදා ළහිරු මුදලිගේ සමඟ හරි ටීවී වැඩසටහනක් සමඟ සම්බන්ධව සංවේදී වුණා. සඳතරු මල් ගීතය ගයමින් ඔහු අතීත මතක එක්ක රහසේ සැරිසරනු අප දුටුවා. ඔහු ඒ ගීතය වෙනදාටත් වඩා අධි සවේදීව ගැයුවා.
කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අතුල -සමිතා යුවලගේ සුරූපී දූ කුමරිය. ඇයත් මව් පිය ආභාසය රැගෙන රංගනයෙන් වගේම ගායනයෙනුත් දිගු ගමනක් යනවා. කාවින්ද්‍යා තාත්තා මේ සංවේදී වූ අවස්ථාවේ වීඩියෝව සමඟ ඇගේ මුහුණුපොතේ මෙසේ ලියා තිබුණා

🌸මම පුදුමාකාර වාසනාවන්ත දුවෙක් කියන්නේ නිකම් නෙමේ…
මනුස්සකම කියන දේ ඕනවාටත් වැඩිය පිහිටපු දෙමව්පියන් ගෙ දුවෙක් මම…🤗❤️

මෙච්චර හොඳ හිතක් මට දුන්න තාත්තටයි අම්මටයි මම හැමදාම ණයගැති…🙏🏼🥲🌸

ඇගේ ඒ සංවේදී සටහන සත්‍යයක් බව ශ්‍රී ලංකාවේ සියලුදෙනා දන්නා කරුණක්. අතුල සහ සමිතා කියන්නේ මනුස්සකම හද පුරවාගත් සංවේදී සුන්දර මිනිසුන් දෙදෙනෙක්. කවීගේ ඒ සංවේදී සටහන සමඟම ඇයට සුබ පතමින් අපි ඇගේ ලස්සන සේයා කිහිපයක් ඔබට තිළිණ කරනවා