
එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් අද සිංගප්පූරුවේ සංචාරය සමඟ අග්නිදිග ආසියාවේ නිල සංචාරයක් ආරම්භ කළාය. ජනවාරි මාසයේදී දිවුරුම් දීමෙන් පසු ඇය ඇමරිකාවෙන් පිටත කළ පළමු අවස්ථාව මෙයයි.
හැරිස් මහත්මිය ඉරිදා (අගෝස්තු 22) එරට වේලාවෙන් පෙරවරු 10.50 ට පායා ලෙබාර් ගුවන් තොටුපල වෙත පැමිණියාය. අඟහරුවාදා දක්වා ඇය සිංගප්පූරුවේ සිටින අතර බ්‍රහස්පතින්දා වියට්නාමය බලා යාමට නියමිතය.
ඇයව ගුවන් තොටුපලේ දී සිංගප්පූරු විදේශ ඇමති විවියන් බාලක්‍රිෂ්ණන් විසින් පිළිගනු ලැබීය.