සීමා මායිම් බිඳ දැමූ කෛලාෂා දේවාලය

ඈත අතීතයේ ජීවත් වුණු මිනිසා සොබාවධර්මය එක්ක අදට වඩා ගොඩක් කිට්ටුවෙන්
ගණුදෙනු කළා. මේ නිසාම තමන් අත් විඳපු සොබාවධර්මයේ සුන්දරත්වය තමන්ගේ
ඇස ගැටුණු හැමදේම යොදාගෙන ප්‍රතිනිර්මාණය කරන්නත් ඒ අය උත්සහ කළා.
එදා බිහිවුණු නිර්මාණ වලට මිනිස්සු තමන්ගේ හිතේ තියෙන හැගීම් බලාපොරොත්තු
ආශාවන් එකතු කරන්නත් පුරුදුවෙලා හිටියා. ඉතින් මේ දේවල් එකින් එක දියුණු වීමත්
සමඟයි අපි අද වෙනකොට ගොඩක් පුළුල් විදිහට කතාකරණ කළාව බිහිවෙන්නේ.


මේ කළාව ශතවර්ශ ගණනාවක් අඛන්ඩව පැවත ඒමත් සමඟම මිනිසා තම තමන්
කළාවෙන් ලබාගත් දැණුම එකිනෙකට කැටි කරළා තමන්ටම ආවේනික වුන සංස්කෘතියක්
නිර්මාණය කරගන්න සමත්වෙනවා.

ශිව දෙවියන්ගේ ගුහාව…


ඉතින් මේ කියන මහා සංස්කෘතියත් මිනිසා විසින් සොබාධර්මයාට පෙම් කරමින්ම
නිර්මාණ කරන්නත් පෙළෙඹෙනවා. මිනිසා කරපු මේ මහා නිර්මාණ ගැන කතා කරණ
කොට ඉන්දියාවට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. ඒ නිසා අපි අද කතාකරන්න යන්නේ
ඉන්දියාවේ මේ කලා නිර්මාණ වල සීමා මායිම් බිඳ දැමීමට සමත්වුන නිර්මාණයක් ගැනයි.
මහාරාෂ්ට ප්‍රාන්තයේ එල්ලෝරා ගුහා ආශ්‍රීතව පිහිටා තියෙන කෛලාෂා දේවාලය
අට වැනි සියවසේදී නිර්මාණය කරණ ලද්දක් කියලයි විශ්වාස කරන්නේ. ගුහා 32 සමන්විත
ගුහා සංකීර්ණයේ 16 වැනි ගුහාව විදහටයි මේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ.


හැබැයි මේ දේවාලය අනිත් ගුහාවල තියෙන දේවාලවලට වඩා වෙන් වෙනවා. ඒ කෛලාෂා
දේවාලය ශිව දෙවියන්ටම වෙන් වූ ගුහාවක් නිසයි.
අපි හැමෝම දන්නවා ශීව දෙවියන් කියන්නේ හින්දු භක්තිකයින්ට සුවිශේෂී දෙවි
කෙනෙක් කියන කාරණය. ඇත්තටම ශිව දෙවියන්ගෙන් නිර්මාණය සහ විනාශය
සංඛේතවත් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ගහ කොළ සතා සිව්පාවා නිර්මාණය
කිරීම වගේම ඒ සියල්ල විනාශ කිරීමත් ශිව දෙවියන්ගෙන් සඛේතවත් වෙනවා.

මේ නිසාම හින්දු භක්තිකයින් ශිව දෙවියන් සමඟ ගණුදෙනු කරන්නේ ගොඩක් පරිස්සමෙන්.
අඩි සීයක උසකින් යුක්ත මේ දේවාලයම තනි කළු ගලකින් නිර්මාණය කරලා
තියෙන්නේ කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද ? ඇත්තටම මේ දේවාලය
ඉදිකරලා තියෙන්නේ මහා කළු ගල් කන්දකයි. මේ ගැන අධ්‍යයනය කරපු විද්‍යාඥයින්
කියන්නේ මේ මහා කළු ගල් කන්දේ උඩ ඉඳලා පල්ලෙහාට හෑරීමෙන් දේවාලය ඉදිකළා
කියලයි.

කළුගල් ටොන් ලක්ෂ හතරක් ඉවත් කරයි…


තනි කළු ගලක් උඩ ඉඳන් පල්ලෙහාට හාරනවා කියන්නේ ලේසි පහසු දෙයක්
නෙමෙයි, අද තියෙන තාක්ෂණයට වුණත් ඒකට ලොකු කාලයක් ගතවෙනවා. ඒවගේම
මේ දේවාලය ඉදිකරන්න කරපු කැනීම් වලදී කළුගල් ටොන් ලක්ෂ හතරක් විතර ඉවත්
කරලා තියෙනවා කියලයි මේ ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයින් සඳහන් කරන්නේ.


ඒත් පුදුම විය යුතු කාරණය වෙන්නේ මේ දේවාලය සම්පූර්ණයෙන්ම ඉදි කරන්න ගත
වෙලා තියෙන්නේ අවුරුදු දහ අටක් විතරයිලු. හැබැයි මේ කාරණය පුස්සක් නොවී
තහවුරු වෙන්නේ කෛලාෂා දේවාලය ගැන පරීක්ෂණ කරපු ලෝකයේ ප්‍රමුඛ පෙළේ
විද්‍යාඥයින් පවා මේ දේවාලය ඉදිකරන්න ගත වෙලා තියෙන්නේ අවුරුදු දහ අටක්
විතරයි කියලා කිසිම විවාධයකින් තොරව පිළිගන්න නිසයි.


හැබැයි කෛලාෂා දේවාලය ඉදිකරන්න මිනිස්සු හැමදාම එකදිගට පැය දොළහක් කිසිම
විවේකයක් නැතිව වැඩ කළත් පැයකට කළු ගල් ටොන් පහක් කඩලා ඉවත් කරන්න
සිද්ධවෙනවා. ඒත් සැබෑ ලෝකයේදී ඒ වගේ දෙයක් කරනවා තියා හිතන්නවත් බැහැ.


කොටින්ම කියනවා නම් අද තියෙන ලෝකයේ දියුණුතම කැනීම් උපකරණ වලින්වත් ඒ
වගේ දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම කළු ගල් කැනීම පිළිබඳ විශේෂඥයකු වුණු
ආචර්ය ඒ. වී. ශ්‍රී නිවාසන් කියන්නේ ඔහු කරපු ගණනය කිරීම් වලට අනුව නම්
මේ දේවාලය ඉදිකරන්න අඩු තරමේ අවුරුදු සීයක්වත් ගතවෙනවා කියලයි.


හින්දු ආගම පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය දීපක් ශිම්කන්දා කෛලාෂා දේවාලය
ගැන අලුත් ප්‍රශ්නයකට දොරටු විවර කරමින් අහන්නේ මෙච්චර කළු ගල් තොගයක්
කොහේටද ගිහින් දාලා තියෙන්නේ? එහෙම අයින් කරපු ගල් වලට මොකද වුනේ
කියලයි.

ඇත්තටම මේ දේවාලය තියෙන තැන ඉඳන් සෑහෙන ප්‍රදේශයක් විද්‍යාඥයින් පරීක්ෂා
කළත් මේ දේවාලය හදද්දී අයින් කරපු කළු ගල් ගෙනිහින් දාපු තැනක් හොයාගන්න
බැරිවෙලා තියෙනවා.
ඒ වගේම මේ කළු ගල් වෙනත් දේවාලයක් හරි වෙනත් දෙයක් ඉදිකරන්න පාවිච්චි කරා
කියලත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරිවෙලා තියෙනවා.


මේකත් එක්කම අපිට හිතන එන ප්‍රශ්නය වෙන්නේ අවුරුදු දහස් ගාණකට කලින් හිටිය
මිනිස්සුන්ට අවුරුදු දහ අටකින් මේ වගේ දෙයක් ඉදිකළේ කොහොමද කියලයි. ඒත් මේ
අය අවුරුදු දහ අටකින් මේ දේවාලය ඉදිකළත් ඒක ඉදිකරන්න අයින් කරපු කළු ගල්
තොගයට මොකද වුනේ කියල තොරතුරක් නොමැති වීම නම් අපේ හිත් වල ඇති
කරන්නේ ලොකු සැකයක්.

දේවාලය යටින් දිවෙන උමං මාර්ගයක්…..


ඒ වගේම කෛලාෂා දේවාලය යටින් දිවෙන උමං මාර්ගයක් ගැන තවත් මතයක් මේ
වෙනකොට මතුවෙමින් තියෙනවා. මේ මතය වැඩි වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ගුප්ත
විද්‍යාව සහ පිටසක්වළ ජීවය ගැන උනන්දුවක් දක්වන පිරිසයි. ඒ අය කියන විදිහට මේ
උමං මාර්ගය අපි කළින් කිව්වා වගේම භූගත නගරයක් වෙතටයි දිවෙන්නේ. ඒ වගේම
මේ නගරය පිටසක්වළ ජීවින්ගේ සතු දියුණු තාක්ෂණික උපකරණවලින් සමන්විතයි.


කොහොම වුණත් කෛලාෂා දේවාලයට යන ඕනෑම අයකුට දේවාලයේ ගල් කණු වල
තියෙන සියුම් බව දැක ගන්න පුළුවන්. හැබැයි අපි අනුරාධපුරයේ පොළොන්නරුවේ
දකින් ගල් කැටයම් වල තියෙන සියුම් බවට වඩා මේවා ගොඩක් වෙනස්. මොකද මේ
ගල් කණු යන්ත්‍රයකින් කපපු බවට පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා.

ඒ නිසා අපිv කලින් කිව්ව යන්ත්‍රය මේ දේවාලය ඉදිකරන්න යොදා ගත්ත කියන මතය නිකම්ම නිකම්
කටට ආපු දෙයක්වත් පොතක තිබුණ දෙයක්වත් නෙමෙයි කියලා පිළිගන්න
සිද්ධවෙනවා. මේ නිසාම අද වෙනකොට ලෝකය පුරා ඉන්න විද්‍යාඥයින් මේ
යන්ත්‍රය ගැන ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ දේ සනාථ
කරන්න ලෝකයේ හැම දිහාවකින්ම වගේම ඉන්දියාවට විද්‍යාඥයින් පැමිණෙමින්
ඉන්නවා.


කොහොම වුනත් කේලාෂ්වර දේවාලය ගැන සොය බලද්දී වේද ශාස්ත්‍රයේ ශිව
දෙවියන් විදිහට සඳහන් කරලා තියෙන්නේ ඇත්තටම දෙවි කෙනෙක්ද නැත්නම්
පිටසක්වලින් ඇවිත් මිනිසාට නව තාක්ෂණික දැණුම ලබාදීලා මිනිසාගේ අවසානය
මිනිසාමට නිර්මාණය කරගන්න ඉඩදීලා යන්න ගිය කෙනෙක්ද කියලා අද වෙනකොට
බටහිර ලෝකය තුල විශාල කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.

නුවන් සේනාරත්න