වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා CID ට කැඳවයි

වෛද්‍ය පර්යේෂණායතනයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබේ.

යූ ටියුබ් නාලිකාවක පැවැති සාකච්ඡාවකදී ඔහු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිල සහ ඒවා ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය අංශයේ ඹෟෂධ සහ උපකරණ මිලදී ගැනීම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් කළ විවේචන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් එම විමර්ශනයට මුල්වී ඇත.

ඹෟෂධ මිලදී ගැනීම් වලට අදාල රජයේ ආයතනයක ප්‍රබල විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජයවරුන් බණ්ඩාර මහතා ගැන පැමිණිල්ල ඊයේ කර තිබේ.