
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ඉන්දු – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයට සහ ඊයේ (28) අවසන් වූ තුන්වන ටෙස්ට් තරඟය පැවති හෙඩින්ලි ක්‍රීඩා පිටියට අනවසරයෙන් ඇතුළු වූ ඩැනියෙල් ජාර්විස් (Daniel Jarvis) හෙවත් “ජාර්වෝ 69” (Jarvo 69) ට ආරක්ෂාව කඩ කිරීමේ චෝදනාව මත යෝක්ෂයර් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් (Yorkshire Cricket stadium) ජීවිතාන්තය දක්වා තහනමක් පනවා තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කොට තිබේ.
මේ අතර මෙම සියළු සිදුවීම් තමාගේ යුටියුබ් චැනලය වෙත මුදාහැරීමට ඩැනියෙල් ජාර්විස් (Daniel Jarvis) හෙවත් “ජාර්වෝ 69” (Jarvo 69) කටයුතු කර තිබේ.
ඩැනියෙල් ජාර්විස්ට නැවත නැවතත් තණතීරුව ආක්‍රමණය නොකරන ලෙස ඉන්දීය ප්‍රවීණ දඟ පන්දු යවන්නෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් ඉල්ලීමක් කර තිබේ. දැනට පැවැත්වෙන හෙඩින්ග්ලි ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී රෝහිත් ෂර්මා දැවී යාමෙන් පසු ජාර්විස් තණතීරුව වෙත ඇවිද ගියේය.
