
පෙර යොදාගත් නොවැලැක්විය හැකි වැඩසටහන් වලට කැපවීමට අවශ්‍ය බැවින් ඉරාජ් වීරරත්න තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් ඉරාජ් වීරරත්න මේ බව දැනුම් දී තිබෙනවා.
එහි සේවය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුදකරන ඉරාජ් වීරරත්න අවශ්‍යකරන ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට තම සේවය ලබාදීමට සුදානම් බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
මේ අතර ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව ද ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පේෂල මනෝජ් විසින් ද තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුනා. එම සටහන පහතින්.

ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් දැක්වේ.

www.newshub.lk වෙබ් අඩවිය ඇසුරෙනි