
සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (15) සමත් වී තිබේ. ඒ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින්.
චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් වෙමින්. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් එහිදී ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 86ක් රැස්කළ අතර මොයින් අලි නොදැවි ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 51ක් රැස්කළ අතර වෙන්කටේෂ් අයියර් ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය.