ලොහාන් සම්බන්ධ පැමිණිල්ල වහාම විමර්ශනය කරන්න

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරකරුවන්ට රත්වත්තේ මහතා සිදු කළා යැයි කියන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් CID යට කර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කෙරෙන්නේ.