
ලබන 21වන දිනෙන් පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
21වන දායින් පසුව ද සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළහොත් විශේෂ අවසරයක් මත පළාත් අතර බස්රථ කිහිපයක් හෝ ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටී.
මේ වනවිට මගීන්ගෙන් අධික මුදලක් අය කරමින් විවිධ පළාත්වල සිට බස්රථ නීතිවිරෝධීව ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි බස්රථ කිහිපයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවද දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කරුණු සලකා බලා මගී ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් වැඩසටහන් කිහිපයක් දියත් කරන බවද හෙතෙම පැවසීය.