කාබුල් වෙත නැවත ප්‍රහාරයක් එල්ලවිය හැකි

කාබුල් ගුවන් තොටුපළට නැවත වරක් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අනතුරු අගවනවා.

බොහෝ දුරට අද දිනයේදී එම ප්‍රහාරය එල්ලවිය හැකි බවට තමන්ට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

පසුගිය බ්‍රහස්පතින්දා ද කාබුල් ගුවන් තොටුපළට එල්ලවූ අයි එස් ප්‍රහාරයකින් 170 දෙනෙකු මියගියා.

එය අවසන් ප්‍රහාරය ලෙස සැළකිය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ඇෆ්ඝනිස්ථානයෙන් සිය හමුදා භට පිරිස් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් කරගැනීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම් අවසන් කර තිබෙනවා.

ඒ අනුව වසර 20 ක් පුරා එරට පැවති බ්‍රිතාන්‍ය ක්‍රියාකාරකම්ද නිල වශයෙන් නිමාවට පත්වනු ඇති.

පසුගිය 14 වනදා සිට මේ දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යය විසින් 15,000 කට අධික පිරිසක් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කරගනු ලැබුවා.

කෙසේවෙතත් අමෙරිකානු මෙහෙයුම් අනිද්දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.