ලංකාවේ මිල ඉහල ගිය ඉන්දියාවේ පාන්පිටි

ලංකාවේ මිල ඉහල ගිය ඉන්දියාවේ පාන්පිටි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන ආකාරයට, ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පාන්පිටි තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක වත්මන් තොග මිල රුපියල් 210 දක්වා ඉහළ ගොස් තිබේ

ඉන්දියාවේ මිල පහත වැටීම හේතුවෙන් මිල රුපියල් 10 කින් පමණක් ඉහළ දැමූ බවත් එසේ නොවුණහොත් මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ද ,රජය තිරිඟු පිටි සඳහා දී තිබූ රුපියල් 3 ක බදු සහනය ඉවත් කිරීම මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බවද ඔහු සඳහන් කරයි.