ඉන්දියාව සංචාරකයන්ට අරියි

කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරීයාම හේතුවෙන් වසර එක හමාරකට ආසන්න කාලයකට (මාස 19 ) පසුව ඉන්දියාව සංචාරකයින් සඳහා යළි සිය රට අද දින සිර විවෘත කිරීමට සූදානම් වේ.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ පහළ යාමත් සමඟ විදෙස් සංචාරකයින් සඳහා පැවති සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව ඔවුන් පවසයි.අද සිට සෘජුව පැමිණෙන ප්‍රධාන පෙළේ ගුවන් යානාවලට සිය රටට සංචාරකයින් රැගෙන ඒමට ඉන්දියාව අවසර ලබාදී තිබෙන අතර වාණිජ ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයින්ට ඉන්දියාවට ඇතුලු වීමට අවසර ලබාදී ඇත්තේ නොවැම්බර් 15 වනදා සිටයි.