ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කරන ලද මිලින්ද මොරගොඩ මහතා අද නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල රාජකාරි ඇරඹීය. මොරගොඩ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීමට නියමිතය.