කඩිනමින් ඔක්සිජන් ගෙනෙයි

කොවිඩ් රෝගය වෑළඳී ප්‍රථිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය ඔක්සිජන් ටොන් 360ක් (ලීටර් 360,000ක්) අමතරව ආනයනය කිරීමට රජය සූදානම් වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවට මාසිකව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 120,000ක් ආනයනය කරන අතර කොවිඩ් රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඇතිවිය හැකි ඔක්සිජන් හිඟයට පිළියම් ලෙස අමතර ඔක්සිජන් ලීටර් 360,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට පවත්නා තත්ත්වය යටතේ දිනකට රෝගීන් සඳහා වෛද්‍ය ඔක්සිජන් ටොන් 95ක් අවශ්‍ය වන අතර සැපයුම්කරුවන්ගේ සංචිතවල ඔක්සිජන් ටොන් 300ක් ඉතිරිව ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමතර ඔක්සිජන් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 450ක මුදලක් වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.