IMF පළමු වාරිකය ලැබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ මෙරටට හිමි වූ ණය මුදලේ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එය අමෙරිකානු ඩොලර් මිලියන 333කි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවත්වන ලද සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා ඇත.