
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව වාර්තා වේ. එම මුදල ඩොලර් මිලියන 333ක් බවයි සඳහන් වන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් විසින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබේ. මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බව සඳහන්.