IMF එකඟතාවන් පාර්ලිමේන්තුවට ගේනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයට සහ විවිධ මත පළ කරන පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමටත් අවකාශ ලැබෙන බවය.

රාජ්‍ය ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේයි.
” අපට සැඟවීමට කිසිදු රහසක් නැහැ. ජාතියත් එක්කම මේ ගැන කතා කළ යුතුයි. IMF එක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කරනවා. ලබන සතියේ බොහෝ දුරට සිදුවෙයි. විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කරන්නත් පැහැදිලි අවස්ථාවක් ලබා දෙන්න රජය සූදානම්.” යනුවෙනි.