කොරෝනා ආසාදිතයින් 186ක් දැඩි සත්කාරයේ

කොරෝනා ආසාදනය වී මේ වනවිට දැඩි සත්කාර(ICU) ඇඳන්වල රෝගීන් 186 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් 942 දෙනෙකු පෙරේදා දිනය වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බවය.

කොවිඩ් ආසාදනය වූ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන 4,347 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.