ICC T20 ලෝක කුසලාන තරග කාල සටහන නිකුත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය සත්කාරකත්වය දරණ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන නිවේදනය කරන ලදී. ඔක්තෝබර් 17 වැනි දින ඕමානය සහ පැපුවා නිව් ගිනියාව අතර තරගයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ ඔක්තෝබර් 18 වැනි දින ශ්‍රී ලංකාව නැමීබියාව සමග මුල්ම තරගයට මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීම් අනුව තොරා ගැනීමේ පළමු වටයට මුහුණ දීමට සිදු වන අතර ඒ කණ්ඩායම යටතේ තරග වදින ශ්‍රී ලංකාවට ඔක්තෝබර් 20 වැනි දා අයර්ලන්තයට සහ ඔක්තෝබර් 22 වැනි දා නෙදර්ලන්තයට එරෙහිව තරග කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාව පළමු වටයේ මුල් තරග දෙක අබුඩාඩි හිදි තරග කරන අතර අනෙක් තරගය සාජා හිදි ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම කණ්ඩායමේ පළමු කණ්ඩායම් දෙක සුපර් 12 වටයට සුදුසුකම් ලබයි.

සුපර් 12 වටය ඔක්තෝබර් 23 වනදා අබුඩාබි හිදී ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ආරම්භ කරයි. අවසන් තරගය නොවැම්බර් 14 වන දා ඩුබායි හිදී පැවැත්වේ.

www.espncricinfo.com වෙබ් අඩවිය ඇසුරෙනි