
මානව ඉතිහාසයේ මූලාරම්භය වානර මිනිසා දෙපයින් ඇවිදින්නට පටන්ගත් අවදියේ සිදු වුවකි. එතැන් පටන් ශිෂ්ටාචාරය කරා එළඹී දිර්ඝ ගමනට වසර ලක්ෂ ගණනක් ගත වී තිබෙනවා. එම ගමනේ ප්‍රාරම්භක අවදියේ දි මානවයා ගල් මෙවලම් පමණක් භාවිතා කල නිසා එම අවදිය ” ශිලා යුගය ” යනුවෙන් හදුන්වනු ලබනවා. දිගු කලක් තිස්සේ පැවති මෙම අදියර ගල් මෙවලම් නිර්මාණය කිරීම පිළිබඳ තාක්ෂණයේ වර්ධනය අනුව පුරා ශිලා යුගය , මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය යනුවෙන් කොටස් තුනකට බෙදා වෙන්කර තිබෙනවා.
ගල් මෙවලම් භාවිතයෙන් පසුව එළඹෙන්නේ මානවයා ලෝහ පිළිබඳව අවබෝධයක් ලබා ලෝහ මෙවලම් භාවිතා කරන ලද අවස්ථාවයි. මෙහි මුල්ම අදියර තඹ සහ ලෝකඩ යුගය ලෙසත්, දෙවනි අවස්ථාව යකඩ යුගය ලෙසත් බෙදා වෙන් කොට තිබෙනවා.
මෙසේ වුවද පරිණාමයේ දි ලෝකයේ සියලුම රටවල මිනිසා මෙම අවස්ථා එකින් එක පසු කර ශිෂ්ටාචාරයට එළඹී බව ට සාක්ෂි නැහැ . ඇතැම් භූගෝලීය සීමාවන් තුළ මානවයා මෙම අවධි එකක් හෝ කිහිපයක් හෝ මග හැර ශිෂ්ටාචාරය කරා ළඟා වූ අවස්ථා දක්නට ලැබෙනවා.
ශිලා යුගයේ නටබුන්…
ක්‍රිස්තු පූර්ව වසර දෙලක්ෂයේ සිට ක්‍රිස්තු පූර්ව 50,000 දක්වා වූ දීර්ඝ කාල පරිච්ඡේදයක් වන පුරා ශිලා යුගයට අයත් නටබුන් ඉන්දියාව වැනි රටවල බෙහෙවින් හමු වී තිබෙනවා. එහෙත් ලංකාවේ එබඳු නටබුන් හමු වී ඇත්තේ ඉතා සුළු වශයෙනි. රත්නපුර ප්‍රදේශයේ පස් තට්ටු අතරද ලංකාවේ උතුරු සහ දකුණු ප්‍රදේශවල “ඉරණමඩු සංයුතිය ” යනුවෙන් හඳුන්වනු ලබන රතුපාට වැලි සහිත පස් යට ද බොරලු අතර මෙවලම් කිහිපයක් හමුවී තිබෙනවා එහෙත් මේවා හැඳින්විය හැක්කේ අවිධිමත් සාක්ෂි ලෙසටයි .
ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය හෙවත් ශිලා යුගය හෙවත් මෙසොලිතික යුගය පිළිබඳව සෑහෙන තරම් සාක්ෂි හමුවී තිබෙනවා. මෙම අවධියේදී ගල් මෙවලම් තාක්ෂණය වර්ධනය වී ඇති අතර තිරිවාන සහ කහඳ වැනි පාෂාණ භාවිතයෙන් තරමක් විශාල මෙන්ම කුඩා ගල් ආයුධ තනාගෙන තිබෙනවා. මෙම යුගයට අයත් ශිලා මෙවලම් රාශියක් බූන්දල ආසන්නයේ ලෙවන්ගොඩ, වැල්ලේගංගොඩ සහ පතිරාජවෙල යන ස්ථාන වලින් සොයාගෙන තිබෙනවා. මෙම ගල් මෙවලම් ක්‍රිස්තු පූර්ව 28000ට පමණ දින නියම කොට තිබෙනවා. එකල මිනිසා ආහාරයට ගත් කලපු බෙල්ලන් ගේ අවශේෂ ද පතිරාජ වලින් හමුවී තිබෙනවා. එම අවශේෂ අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 3310 ට පමණයි.
මධ්‍ය ශිලා යුගයේ සාක්ෂි….
මධ්‍ය ශිලා යුගය පිළිබඳව වැදගත් සාක්ෂි රාශියක් රට අභ්‍යන්තරයේ මානියම්ගල, බෙලිලෙන ,රාවණා ඇල්ල ලෙන, බුලත්සිංහල පාහියන්ලෙන ,කුරුවිට බටදොඹ ලෙන, කෑගල්ල අළුලෙන ආදී ස්ථානවලින් කරන ලද කැණීම්වලින් හමුවී තිබෙනවා. මේ අතරින් කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවූ මෙවලම් ක්‍රිස්තු පූර්ව 28500 සහ ක්‍රිස්තු පූර්ව 11500 අතර කාලයට දින නියම කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් පැරැණිම මෙවලම් හමුවී ඇත්තේ බුලත්සිංහල පාහියන්ලෙනිනි. කාල නිර්ණයට අනුව ඒවා ක්‍රිස්තු පූර්ව තිස් පන්දාහක් පමණ අයත් වෙනවා.
නව ශිලා යුගයේ මූලික ලක්ෂණ…..
විශ්වයේ මානව පරිණාමයේහි මධ්‍ය ශිලා යුගයෙන් පසු එළැඹි නව ශිලා යුගයේ මූලික ලක්ෂණ වූයේ කෘෂිකර්මාන්තයට සහ සත්ව පාලනයට යොමු වීමයි. මැටි බදුන් තනා භාවිතයට ගැනීම ස්ථිර වාසස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීම සහ එදිනෙදා කටයුතු සඳහා විශේෂ ශිලා මෙවලම් යොදා ගැනීම යනාදිය ඒ අතර වෙනවා. ශ්‍රී ලංකාවේ නව ශිලා යුගයක් පිළිබඳව නිශ්චිත සාක්ෂි විරලයි . පසුව ශ්‍රී ලංකාවේ නව ශිලා යුගයක් උදා වීය යන අදහස පි. ඊ. පී දැරණියගල විසින් 1950 දශකයේදී ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණ නිසා එකල එම අදහස එතරම් පිළිගැනීමට ලක්වෙලා නැහැ. එයින් පසු ශිරාන් දැරණියගල ප්‍රකාශ කළේ මධ්‍යම ශිලා යුගයට අනතුරුව නව ශිලා යුගය නොපැමිණ එක වරම යකඩ භාවිතා කරන යුගයට ශ්‍රී ලංකාවේ විසු ආදිම මානවයා පැමිණි බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දොරවක ඇතා බැඳි ලෙනින් හා ඒ අවට කරන ලද කැණීම් මගින් ඉහත කී නවශිලා යුගයක් පිළිබඳ පිළිබඳව අදහස යළි අලුත් වී තිබෙනවා. එහි හමු වූ ඇඹරුම් ගල වැනි උපකරණ මානවයා විසින් ධාන්‍ය ආහාර ලෙස සකස් කර ගන්නා ලද සලකතොත් ක්‍රිස්තු පූර්ව 28000 දී පමණ සිට ශ්‍රී ලංකාවේ ද නවශිලා සමයක් පැවතියේ යනුවෙන් අනුමාන කිරීමට පුළුවන් . දොරවක ලෙන තුළින් හමු වූ මැටි බඳුන් කැබලි ක්‍රිස්තු පූර්ව දහ දහ දක්වා ඈතකට දිව යන බව විශ්වාස කෙරෙනවා. මෙම මැටි බඳුන් අතින් තනා පොල්ලක් වැනි උපකරණයකින් තලා හැඩ කරගත් රළු ඒවායි. හමුවී ඇති ගල් තුනක ඇසුරින් සකස් කරගන්නා ලද රළු ලිප ආහාර පිසීමට භාවිතා කරන ලදැයි විශ්වාස කරනවා . මෙසේ විශාල ගල් භාවිතය නව ශිලා යුගයේ විශේෂ ලක්ෂණයක් වූ නිසා එම අර්ථය දනවන මෙගලිතික යුගය යනුවෙන් ද මෙම අවධිය හඳුන්වනු ලබනවා.
දඩයම මසුන් ඇල්ලීම වෙනත් ආහාර වර්ග එකතු කිරීමත් මගින් යැපුණු නව ශිලා යුගයේ මිනිසා ගල් දෙකක් එකට ඇතිල්ලීමෙන් ගිනි මොළවන හැටි දැන සිටියාය . ගල් වලින් මෙන්ම ඇටකටු වලින් ද සිව් මෙවලම් තනා ගත් ඔප්පු රුක් සුඹුළු සත්ව හා ගස් වල කොළ යනාදිය විලිවසා ගැනීමට පාවිච්චි කර තිබෙනවා . සිප්පි කටු වැනි දෑ ආභරණ ලෙස උපයෝගී කරගෙන තිබෙනවා . නව ශිලා යුගයේ ලක්ෂණ පිළිබිඹු කරන්නේ යැයි අනුමත කළ හැකි මැටි බඳුන් කැබලි සබරගමු පළාතේ ලුනුගල්ගේ උඩුපියන් ගල්ගේ බඹරගල යන ස්ථානවලින් ද සුළු වශයෙන් ලැබී තිබෙනවා . කෑගල්ල දිස්ත්‍රික්කයේ කලු කොල දෙනිය ගම් ස්ථානයෙන් නවශිලා යුගයට අයත් ගල් පොරව සහ සමාන මය වලින්ද හමු වී තිබෙනවා .
කෙසේ වෙතත් ඉහත කී කිසිදු ස්ථානයකින් නව නව ශිලා යුගයේ අනිකුත් ලක්ෂණ වන ස්ථීර වාසස්ථාන ඇතිකර ගැනීම ඇතිකරගැනීම ධාන්‍ය වගා කිරීම හා සතුන් ඇති කිරීම යනාදිය පිළිබඳව සාක්ෂි හමුවී නැහැ .
පූර්ව ඓතිහාසික යුගය….
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය හෙවත් ප්‍රෝටෝ ඓතිහාසික යුගය දළ වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1000 සිට ක්‍රිස්තු පූර්ව 300 පමණ කාලයට දිය නියම කරන්නට පුළුවන් . මෙම යුගයේ මූලික ලක්ෂණ වන්නේ යකඩ තාක්ෂණයේ භාවිතයත් වැව් වාරිමාර්ග හා සංවිධානාත්මක කෘෂිකර්මාන්තයේ ආරම්භයත්, සෑහෙන තරම් දියුණු කළු සහ රතු පැහැති මැටි භාණ්ඩ පාවිච්චියත් ක්‍රමවත් ජනාවාස බිහිවීම , ජන සංක්‍රමණ ඇතිවීම සංවිධානාත්මක සුසාන භූමියේ ඉදි කිරීම භූමි ඉදිකිරීම යනාදිය වේ. සාගර සම්පත් ප්‍රයෝජනයට ගැනීම සහ සාගරය වෙළදාමට ජනතාව යොමු වීම ද වීම ද මෙම යුගයේ විශේෂ ලක්ෂණයන් වේ .
මානව ශිෂ්ටාචාරයේ වර්ධනීය අවස්ථාවක් ලෙස මෙම අවධිය හඳුන්වන්නට පුළුවන් මානවයාගේ චින්තන ධාරාවේ වර්ධනයත් සමගම සංවිධිත සමාජ ක්‍රමයක් ද එම සංවිධිත සමාජ ක්‍රමය තුළ ක්‍රමවත් දේශපාලන රටාවක් ද මෙම අවධියේ දී ආරම්භ වී තිබෙනවා. නාගරීකරණයේ ආරම්භක අවස්ථාව ලෙස ද මෙම කාල පරිච්ඡේදය හඳුන්වන්නට පුළුවන් .
ආදි ම ප්‍රාග් ඓතිහාසික මානවයා ගේ අදහස් ප්‍රකාශ කිරීම උදෙසා සත්වයන් මෙන්ම විවිධ හඬ සහ ශබ්ද උපකාරී කරගත් අතර කාලයාගේ ඇවෑමෙන් පුරාශිලා යුගය තුළදී ම ගුහා චිත්‍ර අඳින්නට ද ඔවුන් පුරුදු වී තිබෙනවා. නව ශිලා යුගය වන විට කිසියම් ආකාරයක භාෂාවක් මගින් අදහස් ප්‍රකාශ කරන්න ට ඔවුන් පුරුදු වී තිබෙනවා. පූර්ව ඓතිහාසික යුගය හෙවත් ” ප්‍රෝටෝ ඓතිහාසික යුගය” වන විට ඔවුන් කතා කිරීමට හා භාෂා ව්‍යවහාරය මැනවින් දැන සිට තිබෙනවා. එහෙත් ඒ වන විට ද විටද ඔවුන් අක්ෂර හා ලේඛන කලාවක් දැන සිටි බවට නිශ්චිත සාක්ෂි නම් නැහැ .එහෙයින් පූර්ව ඓතිහාසික යුගය හෙවත් ප්‍රොටෝ ඓතිහාසික යුගය ලේඛනය නොපැවති අවධිය සහ ලේඛනය ආරම්භ වූ අවධිය අතර සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද සඳහන් කරන්න පුළුවන්.
ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ වාසස්ථාන..
ශ්‍රී ලංකාවේ ඇතැම් ගල් ගුහා ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ෂයේ බුද්ධාගම හා ලේඛන හඳුන්වාදීමට පෙර එමෙන්ම භික්ෂූන් ගේ වාසස්ථාන පත්වීමට පෙර වැද්දන්ගේ හෝ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ හෝ වාසස්ථාන බවට පත් වී තිබෙනවා . එමෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ දී හෙවත් ප්‍රොටෝ ඓතිහාසික යුගයේදී අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය තවත් දියුණු වී සංකේත රූප භාවිතය ආරම්භ වී තිබෙනවා මෙබදු සංකේත එම යුගයට අයත් මැටි බඳු සංකේත එම යුගයට අයත් මැටි බදුන් වලද යාපහුව, පින්වැව ,ගල් සොහොන් කනත්තේ සහ ඉබ්බන් කටුව සුසාන භූමියේ ශිලා මංජුසා පියන් මත ද සඳහන් කර තිබී හමුවී තිබෙනවා.
මහා වංශයේ පණ්ඩුකාභය පුරාවෘත්තයේත් මහා වංශයේම ඇති වෙනත් තොරතුරු වලිනුත් අනුරාධපුරයේ පාලක දේවානම්පියතිස්ස කාලයේ මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට නිල වශයෙන් බුදුදහම හඳුන්වා දීමට පෙර දිවයිනේ පැවති සමාජ හා ආගමික තත්ත්වයන් පිළිබඳව ඉඟියක් ලබා ගන්නට පුළුවන්. ඇතැම් වෘක්ෂයන්හි හා පර්වතවල දෙවිදේවතාවෝ ජීවත් වූහ යන විශ්වාසයත් යක්ෂයන් ඇදහීමත් එකල ආගමික විශ්වාස අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා.
මහාවංශය වට්ටගාමිණී රජු පිළිබඳ විස්තරයේ ගිරි නම් නිඝන්ඨයෙක් ගැන දැක්වෙන තොරතුරු ඔස්සේ ජෛන සමය ඇදහු අයද පූර්ව ඓතිහාසික යුගයේ අවසාන භාගයේ දී දිවයිනේ විසූ යයි අනුමාන කිරීම අනුචිත නැහැ . වට්ටගාමිණී කාලයේම ඇතිවූ ” තීය ” හෙවත් තිස්ස නම් බමුණාගේ කැරැල්ල සංවිධානාත්මක බෞද්ධ ව්‍යුහයක් රටේ බිහි වීම නිසා කලින් සිට බ්‍රාහ්මණාගම අදහන්නන් ගෙන් ඇති වූ ප්‍රතිචාරයක් නම් බ්‍රාහ්මණාගම ද දිවයිනේ ම ආදි ම ආගම් වලින් එකක් වී යැයි අනුමත කිරීම වැරැද්දක් නැහැ . පණ්ඩුකාභය පුරාවෘත්තයේ හි පණ්ඩුල නම් බමුණා පිළිබඳව දැක්වෙන තොරතුරු ද ඉහත කී අනුමැතියට ප්‍රබල සාක්ෂියක් වෙනවා . මළවුන් හා සම්බන්ධ අභිචාර විධි ද විධිමත් අයුරින් පැවතියේ යැයි විශ්වාස කළ හැකි සාක්ෂි ලෙස ඉබ්බන් කටුව ,යාපහුව ,පින් වැව වැනි ස්ථානවලින් හමුවූ සොහොන් භූමි වල මළවුන්ගේ අවශේෂ බහා ලන ලද පියන්වලින් වැසූ ශිලා මංජුසා දැක්වීමට පුළුවන්. වර්තමානයේ පවත්නා ඓතිහාසික යුගයේ සිට පැවති ඒවා යැයි නිගමනය කිරීමට පුළුවන් .
සමාධි ඕබඩ ආරච්චි
