
හිරුෂි වසුන්දරා කියන්නේ කෙටි කාලෙකින් ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් සුන්දර යුවතියක්. මාතර ඉපදුණු හිරුෂි අධ්‍යාපන කටයුතු සඳහා යොමුවෙන්නේ ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලට. එහිදී පෑ නිවේදන හැකියාව නිසා සිරස පුංචි පැංචි එක්ක. එකතුවෙන හිරුෂි එතැනින් තමා මේ චාරිකාව අරඹන්නේ.
2018 දෙරණ අවුරුදු කුමරිය ලෙස දෙවැනි ස්ථානය හිමිකර ගන්න මේ සුන්දරිය මේ දිනවල නැවත විකාශයක් සිදුවන දෙරණින්ම නිෂ්පාදනය කළ “පාවෙලා වලාකුළේ ඒවිද අම්මා” ටෙලි නාට්‍යයේ ඩොක්ටර් අනුරාධි ලෙසත් ස්වර්ණවාහිනියෙන් රාත්‍රී 7.30ට විකාශනය වන ‘ටීචර් අම්මා’ ටෙලි නාට්‍යයේ “සයොනාරා ටීචර්” ලෙසත් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක්.
‘රාවණ අඩවිය’ ‘සුපහන් සිත’ ‘පිනිකඳුලු’ වැනි ටෙලිනාට්‍ය හරහා වගේම ‘නිස්සරණ’ ‘පියාණනි’ වැනි නිර්මාණ හරහාත් ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා.
ශ්‍රී ලංකාවේ ආදරණීය චරිතයක් වුණු හිරුෂි ඉන්දියාවේත් ගොඩක් ජනප්‍රියයි, ඒ නිසාම ඇයට මලයාලම් හා තෙලිඟු චිත්‍රපට දෙකකට ඉන්දියාවෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ඇයට දෙමල මියුසික් වීඩියෝ දෙකක රඟපාන්නත් අවස්ථාව උදාවුණා.
මේ කරුණු නිසාම ඇය උතුරේ තරුණයන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් වෙලා තිබෙනවා. ඇයව උතුරේ තරුණයන් හඳුන්වන්නේ සිංහල ටීචර් කියලයි. ඉන්දියාවේ කේරළයේ මලයාලම් සිනමාවේ දොරටු ද ඇය නමින් විවෘත වීමට මේ සිංහල ගුරුතුමී ඡායාරූප ජනප්‍රිය වුණා.
ඇත්තටම බලන්න ඇය මලයාලම් නිළියක් වගේම නේද කියල. ඇයගේ මේ ඡායාරූප පෙල අප ඔබට තිළිණ කරන්නේ මේ ඡායාරූපවල මුල් අයිතිකරුවන් සියලුදෙනාට ගෞරවණීය ස්තූතිය පිරිනමමින්.