කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉහළම අගය අද

කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශක අද ඉතිහාසයේ ඉහළ ම අගය සලකුණු කරමින් 8920.71ක් ලෙස සටහන් වුණා.

ඊට පෙර වාර්තා වූ ඉහළම අගය වන්නේ පසුගිය ජනවාරි 27 වනදා සටහන් වූ 8812.01 ක අගයයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20ක් නියෝජනය කරන එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද 3341.2ක් ලෙස සටහන් වූ අතර, කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 10.5කට ආසන්නයි.

උපුටා ගැනීම – www.newday.lk වෙබ් අඩවිය