කොවිඩ් මරණ වලට පාංශු කූලය Zoom ඔස්සේ – හෙල බොදු සවිය

කොවිඩ් මරණ සදහා පාංශු කූලය සහ සත් දින මතක ධර්ම දේශණය Zoom මෘදුකාංගය ඔස්සේ ලබා දීමට හෙල බොදු සවිය සංවිධානය සූදානමින් සිටියි.

සියලුම කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසි වලට අවනත වෙමින් එලිමහන් ස්ථානයක මෙය සිදු කිරීමට හැකි බව වැඩි දුරටත් සදහන් කරනවා. එමෙන්ම මේ සදහා තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නොවේ.

මේ සදහා තමන් කිසිදු පහසුකමක් බලාපොරොත්තු නොවන බව ද හෙල බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියෝ ප්‍රකාශ කරයි.

හෙල බොදු සවිය සම්බන්ධ කර ගැනීම සදහා පහත අංකවලට අමතන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි – 0718124505
පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි – 0718012049
වට්ස් ඇප් ඔස්සේ නම් : 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)