
ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ බිරිඳ ඌරුවරිගේ හීන්මැණිකා මාතාව කොවිඩ් ආසාදිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (04) රාත්‍රියේ මරණයට පත්විය. පිරිමි දරුවන් 08 දෙනෙකුගේ හා ගැහුණු දරුවෙකුගේ මවක වූ ඇය මියයන විට 64 වැනි වියේ පසුවිය.
එම මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් නිරෝධායන නීති වලට අනුකූලව ඊයේ (06) මහියංගණ ප්‍රාදේශීය සභා අදාහනාගාරයේදී සිදු කෙරුණි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී වැදි නායක වන්නියලෑ ඇත්තන් විසින් දේහය බාර ගැනීමෙන් පසු එය මහියංගණය බලා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ගෙන ගියේය. වැදි රැහේ සම්ප්‍රදායික අවමඟුල් පෙරහරකින් දේහය අදාහනාගාරය වෙත රැගෙන ගිය අතර එම අවස්ථාවට වන්නියලෑ ඇත්තෝ ඇතුළු සුඵ පිරිසක් පමණක් සහභාගි වී සිටියහ.