හයිටි රාජ්‍යයේ ප්‍රබල භූමිකම්පාවක්

FILE PHOTO: A view shows houses destroyed following a 7.2 magnitude earthquake in Les Cayes, Haiti August 14, 2021. REUTERS/Ralph Tedy Erol NO RESALES. NO ARCHIVES/File Photo

හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට වාර්තා වෙයි. තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මේ හේතුවෙන් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. දේපල විශාල ප‍්‍රමාණයකටද අලාභ හානි සිදුව ඇත. භූ කම්පනය බල පෑ ප‍්‍රදේශයේ රෝහල් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.