
ගීත්මා බණ්ඩාර කිව්වම නම නුහුරුවුණාට සංගීතේ අසිනි කිව්වම රසිකයන ඇයව හොඳට හුරුයි.
වෙළද දැන්වීම් නිරූපණ ශිල්පිනියක් විදියට කේෂ්ත්‍රයට පිවිසෙන ඇයට 2018 අවුරුද්දේ හිරු අවුරුදු කුමරි තරගයේ දෙවන ස්ථානය දිනා ගැනිමත් සමඟම රංගන කේෂ්ත්‍රයට ආරාධනා ලැබෙනවා.
“නිල පබලු “, “අහස්මාලිගා “වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක කොටස් කිහිපයකට රංගනයෙන් දායකවන ඇය මේ වන විට “සංගීතේ “ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන “අසේනිගෙ” චරිතයට පණ පොවනවා.. රංගන කේෂ්ත්‍රය , නීරෑපනයට කේෂ්ත්‍රය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකටම දස්කම්පාන ඇය දැන් ජනප්‍රිය චරිතයක්.
තමාගේ උත්සාහය ඇයව මෙතනට ගෙනාවා කියලයි ගීත්මා කියන්නේ.
විවිධ නිර්මාණ සඳහා යෝජනා ලැබෙන බවත් ඒවා තෝරාගෙන ඉදිරියේදී දායකවන බවත් ඇය පවසනවා.
පෙම්වතා ගැන ඈ කියන්නෙ මේ විදියේ කතාවක්.
“මම රංගනයට ආදරෙයි. රංගනය මම තෝරාගෙන ඉවරයි. මගේ දෙවැනි තෝරාගැනීම තමයි පෙම්වතා. ඔහු මගේ පළමු තේරීමට ඉඩ දෙන කෙනෙක් වෙන්නෙ ඕනේ.
රංගනයෙන් සුවහසක් ප්‍රේක්ෂකයා පිනවන ගීත්මාට සුබ පතමින් අපි ඇගේ ලස්සන ඡායාරූප පෙළක් පළ කරනු ලබනවා.
එසේම මේ ඡායාරූපවල මුල් හිමිකරුවන් සැමටත් අපේ ගෞරවණීය ස්තූතිය පිරිනමනවා.