
කිසිදු හිඟයකින් තොරව ලබන සඳුදා සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය.
මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පසුගිය දා අමාත්‍යවරයා ගෑස් සමාගම් නිරීක්ෂණයකට එක්විය.