
මේවනවිට නිරෝධායන ඇඳිරිනීතිය බල පැවැත්වේ. නමුත් අද දිනයේ කොළඹ ප්‍රධාන නගර රැසක අධික රථවාහන තදබදයක් දක්නට ලැබුණි. ගිය සඳුදා ගෑස් හිගය අවසන්වන බවට ලාෆ් සමාගම ප්‍රකාශ කළද පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය ගෑස් මේවනවිට වෙළෙඳපොළේ දක්නට නොලැබේ. මේ හේතුවෙන් ජනතාව ගෑස් ලොරි පසුපස ගොස් ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථාන අසල ටැංකිද තබාගනිමින් රැස්වී සිටිති.